Bluejacking and Bluesnarfing

හොඳයි දවස් කීපයකට පස්සේ අද කියලා දෙන්න අරගෙන ආවේ අලුත්ම දෙයක්. ඒ තමයි Bluejacking සහ Bluesnarfing ගැන. ඔයාලාගේ භාෂාවෙන් කිව්වොත් Bluetooth Hacking කියලාත් කියන්න පුළුවන්. Bluetooth කියන්නේ මොකද්ද සහ ඒක ක්‍රියාකාරීත්වය ගැනත් නොදන්න අයට දැන ගන්න කෙටි හැඳින්වීමක් කරලාම Bluejacking සහ Bluesnarfing ගැන බලමු.


Bluetooth කියන්නේ මොකද්ද කියලා ගොඩාක් අය දන්නවා. Bluetooth මඟින් අපිට Photos සහ Videos වගේම තව තවත් Files බොහොමයක් Personal Area Network (PAN) එකක් තුල එක Device එකක ඉඳලා තවත් Device එකකට Share කරන්න පුළුවන් කියලා. හැබැයි Bluetooth කියන්නේ කෙටිදුර පරාසයක් යටතේ භාවිතා කරන්න පුළුවන් ආරක්ෂාව අතින් ඉතාමත් අඩු මට්ටමක පවතින සන්නිවේදන මාධ්‍යයක් කියලා කියන්න පුළුවන්.

හොඳයි දැන් අපි බලමු Bluejacking සහ Bluesnarfing කියන්නේ මොකද්ද කියලා. Bluetooth විතරක් නෙවෙයි ඕනෑම Wireless සන්නිවේදන මධ්‍යයකම තිබෙන ප්‍රධානතම දුර්වලතාවය තමයි අදාල නොවන තුන්වන පාර්ශවයකට උනත් ඉතා පහසුවෙන් මෙම Wireless Signal ග්‍රහණය කරගැනීමට හැකිවීම. ඉතින් අන්න ඒ හේතුවම තමය Bluejacking සහ Bluesnarfing වලට වාසියක් වෙලා තියෙන්නේ.

මෙතනදී Bluejacking වලින් සිදුවන එකම දේ තමයි ඔයාගේ Device එකට Unauthorized Messages එකක් එවන එක. ඒ කියන්නේ Bluejacking කියන්නේ ඔයාලාගේ Bluetooth Network එකත් එක්ක ඔයාලාගේ අනුදැනුම නොමැතිව සම්බන්ධවීම කියන එක කියලා සරලව කියන්න පුළුවන්. Bluejacking එක සාර්ථකව සිදුවීමෙන් පස්සේ තමයි Bluesnarfing කියන එක සිදුවෙන්නේ.

තුන්වන පාර්ශවයක් විසින් ඔයාලාගේ Bluetooth Network සම්බන්ධවෙන්නේ බොහෝවිට ඔයාලාගේ වටිනා පෞද්ගලික දත්ත හා තොරතුරු ලබාගැනීම අරමුණු කරගෙන. එතකොට Bluesnarfing කියන්නේ අන්න ඒ විදිහට ඔයාලාගේ Contact lists, Emails සහ Text messages වගේ දේවල් ඔයාගේ අනුදැනුමක් නොමැතිව ලබා ගැනීම කියලා කියන්න පුළුවන්. මීට අමතරව ඔයාලාගේ පෞද්ගලික Photos සහ Videos පවා ඔයාලාට නොදැනීම ගන්න පුළුවන්කම තියෙනවා.

ඉතින් මෙන්න මේ වගේ දේවල් නිසා ඔයාලාට අවශ්‍ය වෙලාවට විතරක් ඔයාලාගේ Bluetooth On කරන්න අනික් හැමවෙලාවේම Bluetooth Off කරලා තියාගන්න. ඇත්තටම මම අද කතා කළේ Bluetooth ගැන උනත් මේක අදාල වෙන්නේ Bluetooth වලට විතරක්ම නෙවෙයි. WiFi ඇතුළු අනෙක් සෑම Wireless සන්නිවේදන මාධ්‍යයකම මෙම අවධානම ඉතා දැඩිව පවතිනවා.

එහෙනම් ඊලඟ පෝස්ටුවෙන් හමුවෙනකම් හැමෝටම ජය ශ්‍රී !

Comments

  1. ක්ර්න් ව්ිද්ිග්හ්ත්ි ද්ැදැම්මොත් ව්වටිනවා ��

    ReplyDelete
    Replies
    1. කියලා දුන්නොත් වෙන ප්‍රතිවිපාක නම් එච්චර හොඳ නෑ. කොහොම උනත් ඔයාලාගේ ඉල්ලීම් අහක දාන්නත් බැරි නිසා අපි බලමු ඉස්සරහට මොකක් හරි කරන්න. :)

      Delete
  2. ෆට්ට මචං. Keep it up.

    ReplyDelete
  3. පට්ට පෝස්ට් එක. කරන විදියත් දැම්මනම් එල ❤️

    ReplyDelete

Post a Comment