
ඉස්සෙල්ලාම මම
පාවිච්චි කළේ Google Search Engine එක. ඊට පස්සේ ඉතින් Facebook තමයි. මට ඉස්සෙල්ලා Hacking ගැන දැනගන්න පුළුවන්
වෙන්නෙත් Facebook හරහාම තමයි. ඒ
වගේම Website හදන විදිහ
වගේම HTML/CSS සහ PHP වලට අත්පොත්
තියන්නෙත් මේ කාලෙදීම තමයි. මොකද මට මේ පැත්ත පිළිබඳව දැඩි ආශාවක් කැමැත්තක් ආවා.
ඉතින් මම ඉස්සෙල්ලාම පොඩියට වෙබ්සයිට් එකක් හැදුවා ඒක ඉතින් අති කෝඩ් කරලා හදපු
එකක් නෙවෙයි. Simplesite කියන වෙබ්අඩවියේ Website Builder එකක් පාවිච්චි කරලා Simplesite කියන එකේම Sub Domain එකක් යටතේ තමයි
හැදුවේ. පස්සේ ඒක ටික කාලයක් තමයි Free දුන්නේ ඉතින්
මේ දවස් වෙනකොට පොඩි පොඩි Batch Programs එහෙම ලියන්න පුළුවන්කම
තිබ්බ නිසා මම හදපු Batch Programs ගැන එහෙම විස්තර දාලා තව වෙබ්සයිට් එකක් හැදුවා ඒක
හැදුවේ Webs කියන
වෙබ්අඩවියේ Website Builder එක පාවිච්චි කරලා. ඒක නම් තාමත් තියෙනවා ඒත් Update වෙන්නේ නෑ දැන්. ඒක
නවත්තන්නත් හේතුව උනේ ටික කාලයක් යද්දී සමහර Features Free දෙන එක නවත්තපු නිසා. පස්සේ හැමෝම දන්න
විදිහට ක්‍රියාකාරී විදිහට ඒ කියන්නේ Area Master විදිහට එලියට එන්නේ මම Blogger වලින් හදපු Black PC
Tricks කියන Blog එකෙන්. ඒකෙන් අලුත්
අලුත් Software ගැන වගේම Software
Cracks & Patches එහෙමත්
දුන්නා. ඒ විතරක් නෙවෙයි. Hacking & Viruses ගැනත් තොරතුරු ගෙනාවා. ඒ කාලෙදීම වගේ Facebook එකෙන් මට අරුම පුදුම
යාළුවෙක් හම්බුනා මගේ Internet එකේ ඉන්න හොඳම
යාළුවෝ තුන් දෙනාගෙන් පළවෙනියටම හම්බෙන්නේ මෙයාව. මෙයාට මම විහිළුවට කියන්නේ පූසා
කියලා එයා මට කියන්නේ මැටි උකුස්සා කියලා. අද වෙනකම් අපි දෙන්නාගේ යාළුකම වෙනසක්
නැතුව තියෙනවා.
පස්සේ දී 2014
අන්තිම වගේ වෙනකොට Forums ගැන දැනගන්න
ලැබුනා. පස්සේ මම Thaksalava කියලා තිබ්බ Forum එකේ Register උනා. ඒකෙන් පස්සේ Ekathuwa කියන ෆෝරමය ගැනත්
දැනගන්න ලැබුනා පස්සේ එකෙත් Register උනා. අන්න
එකෙදී තමයි මගේ ජීවිතය වෙනස් කරපු යාළුවෝ තුන් දෙනාගෙන් දෙවනියාව හම්බෙන්නේ. එයාගේ
නම් Elite_x එයායි මායි
තමයි අපේ ඉස්සෙල්ලාම Forum එක හදන්නේ. ඒක
හැදුවෙත් Free Forum Hosting එකක. ඒකේ නම තමයි Area 51
Hackers ඒත් ටික දවසක්
යද්දී කට්ටිය වැඩි වෙන්න වැඩි වෙන්න Forum එක ඩවුන් වෙන්න ගත්ත නිසා වෙනම Free
Hosting එකක
අලුත්
Forum එකක් Host කලා ඒකේ නම් මම
කියන්නේ යන්නේ නෑ. ඒක Host කළේ .ml Domain
එකකින් පස්සේ
ඒ Forum එකටත් කලින්
එකට උනා වගේ ටික දවසක් යද්දී ඩවුන් වෙන්න ගත්තා. මේ කාලේ DDOS ප්‍රහාරවලිනුත්
අම්බානෙකට පදන් උනා. මොකද ලංකාවේ උන් තව එකෙක් උඩට යනවාට කැමති නෑනේ අන්න ඒකයි.
පස්සේ මම අර කලින් කිව්ව මගේ පළවෙනි යාළුවා ඒ කියන්නේ පූසා සල්ලී දාලා Hosting එකකුයි .com
Domain එකකුයි අරගෙන
දුන්නා. පස්සේ හොඳ DDOS Protection එකකුත් එක්ක කලින් .ml Domain එකේ හදපු Forum එකම අයේ ගොඩගත්තා. ඊට පස්සේ මට මගේ
තුන්වෙනි යාළුවාත් හම්බෙනවා එයාගේ නමත් මම කියන්නේ නෑ. එයාව මට හම්බෙන්නේ මගේ
පළවෙනි යාළුවා පූසා නිසා. ඉතින් අපි තුන් දෙනා අවුරුද්දකට කිට්ටුවෙන්න ඒ කියන්නේ
2016 අගෝස්තු වගේ වෙනකම්ම අපේ මේ Forum එක කරගෙන
ගියා. ඒත් නොහිතපු දෙයක් සිදු උන නිසා අපිට Forum එක වහන්න උනා. පස්සේ මාත් කාලයක් යනකම් Area
Master විදිහට එළියට
ආවේ නෑ. පස්සේ මට කලින් ෆෝරම් එකකදී හමුඋන යාළුවෙක්ගේ මූල්‍ය අනුග්‍රහය මත තවත්
ෆෝරමයක් පටන් ගත්තා. ඒත් මගේ Area Master කියන නමින් එලියට ආවේ නෑ. හැබැයි ඉතාමත් ශෝක ජනක ලෙස මේ
පෝස්ට් එක ලියන මොහොත වෙනකොට එනම් 2017 සැප්තැම්බර් 13 වෙනිදා වෙනකොට ඒ Forum එකත් වසා දැමීමට
සිදුවී තිබෙනවා.
කොහොම හරි Forum වලට ආවාට පස්සේ අමතක
කරපු Blog කලාවට අයෙමත්
පය තියන්න ඕනි කියලා හිතුනා. අන්න ඒ නිසා තමයි මේ Blog එක ඔයාලාට ගෙන එන්නේ. මේකෙදී මම මගේ පරණ Area
Master නමින්ම එන්න
තීරණය කලා. ඉතින් ඉස්සරාහට ඔයාලාට මගේ අතින් ලියවෙන අලුත්ම පෝස්ට් ගොඩාක් දැකගන්න
පුළුවන් වෙයි. ඔයාලාගේ ආසම මාතෘකා යටතේ තමයි ඒ පෝස්ට් ඔක්කෝම ලියවෙන්නේ.
මම මේ ආපු
ගමන් මඟ පුරාවට වෛවාරන මිතුරෝ හතුරෝ කපටියෝ ඕනි තරම් මුනගැහිලා තියෙනවා. ඒයාලාව
මතක් නොකලාට මට හැමදාටමත් එයාලාව මතකයි. මගේ ජීවිතේ මේ විදිහට තියෙන්නේ අන්න එයාලා
නිසා මම ලබපු අත්දැකීම් නිසාමයි. ඒත් එදා වගේම අදටත් මාත් එක්ක කිසි වෙනසක් නැතුව
මගේ හොඳම යාළුවො තුන්දෙනා එකාවගේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි එයාලාගෙනුත් මගේ
සහෝදරයෙක් වගේ ඉන්න Elite_x තමයි මාව ආපහු
මගේ පරණ තත්ත්වයට ගෙනාවේ. ඒකටත් මම එයාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් ඉතින්
මගේ පළවෙනි පොස්ට් එකෙන් හමුවෙනකම් හැමෝටම ජය ශ්‍රී !
we are so excited, we are waitng.keep up the good work bro
ReplyDeleteThanks buddy ;)
Deleteයකෝ මං ගැනත් කියලනෙ. ආදරෙයි හැමදාම....
ReplyDeleteKeep it up මචං...
එකෙන්ම බන් ;)
DeleteEkanan thada bro. Saratama thiynw.
ReplyDeleteElama ;)
Deleteඅවුරුදු තුනකට පස්සේ ඔන්න එක්කෙනෙක් කමෙන්ට් කරා ❤ හැකින් වලින් ඉස්සරහට යන්න මාත් ආසයි❤ ඒ ආසාවට මේ වගේ බ්ලොග් පට්ට උදව්වක්
ReplyDelete