අද අප භාවිතා කරන පරිගණකයට ඇත්තේ අවුරුදු 50 කට ආසන්න කෙටි ඉතිහාසයක් වූව ද මෙම යන්ත්‍රය සියවස් ගණනාවක ක්‍රමික විකාශනයක ප්‍රතිඵලයකි. මෙතරම් ශීඝ්‍ර වර්ධනයක් සිදු වූ කාර්මික නොවන භාන්ඩයක් හෝ තාක්ෂණයක් තවත් නැති තරම්ය.
පරිගණකයේ මූලාරම්භය සෙවීමට මිනිස් ශිෂ්ටාචාරයේ මුල් අවදියට පිවිසිය යුතුය. මිනිසා ගණනය කිරීම ආරම්භ කළේ තම ඇඟිලි ගැනීමෙනි. අංක ගණිතයේ දී අප භාවිතා කරන දශම අංකනය (Decimal Number System) සෑදී ඇත්තේ එසේය. ගණන් කිරීම සඳහා මූලික යන්ත්‍රය නිර්මාණය කළේ ක්‍රි.පූ. 3000 දී පමණ චීන ජාතිකයන් විසිනි. චීනුන් මේ සඳහා ඇබකසය නමින් හැඳින්වූ ගණක රාමුවක් යොදාගත් බවට සාක්ෂි තිබේ. එය දැනට කුඩා දරුවන්ට ගණිතය කියා දීමට භාවිතා කරන බෝල රාමුවට සමානය. අප දැනට භාවිතා කරන විද්‍යුත් ගණක යන්ත්‍රයේ මූලාරම්භය ද මෙයයි.
පසු කාලයේ දී ගණනය කිරීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරනු ලැබීය. ක්‍රි.ව. 1642 දී තරුණ ප්‍රංශ ජාතිකයෙකු වූ බ්ලේස් පැස්කල් (Blaise Pascal) විසින් ගණක යන්ත්‍රයක් නිපදවීය. 1673 දී පැස්කල්ගේ මෙම ගණක යන්ත්‍රය, ජ්ර්මන් ජාතික ගණිතඥයකු වූ ගොට්ෆ්‍රෙයිඩ් (Gotfreid Wilhelm Von Leibing) විසින් වැඩි දියුණු කරන ලදී. 1801 දී ප්‍රංශ ජාතික රෙදි වියන්නෙකු වන ජෝසප් මරේ (Joshap Marie) විසින් රෙදි විවීමේ මෝස්තර නිර්මාණය කිරීම සඳහා සිදුරු සහිත කාඩ්පත් (Punch Card) උපයෝගී කර ගන්නා ක්‍රමයක් හඳුන්වා දුන්නේය. 1883 දී ඉංග්‍රීසි ජාතික මහාචාර්ය චාර්ස් බැබේජ් (Charles Babage) මෙම යන්ත්‍රය තවත් දියුණු කළේය. මෙම යන්ත්‍රය විශ්ලේෂක යන්ත්‍රය (Analytical Engine) නමින් හැඳින්වීය. සිදුරු කාඩ්පත් උපයෝගි කරගෙන දත්ත ආදානය (Input) කිරීමේ හැකියාවත්, මතක ගබඩාවකුත් (Memory), අංක ගණිතමය කාර්යයන් නිරූපනයත්, ක්‍රමලේඛන පාලනයත්, ස්වයංක්‍රීයයව මුද්‍රණ පිටපත් නිකුත් කිරීමත්, දශමස්ථාන 20 කට නිවැරදිව ගණිත කර්ම කිරීමේ හැකියාවත් මෙම යන්ත්‍රයට තිබුණි. නූතන පරිගණකයේ මූලික සංකල්පය මෙම යන්ත්‍රයෙන් මහාචාර්ය බැබේජ් ලොවට හඳුන්වා දුන්නේය. ඉංග්‍රීසි ජාතික කවියෙකු වූ බයිරන් සාමිගේ (Lord Byron) දියණිය වූ ලවුලස් ඇඩා බයිරන් ආර්යාව (Madam Loveace Ada Byron) ද මෙම ප්‍රයත්නයට උර දුන්නාය. ක්‍රමලේඛන ගබඩා කිරීමේ සංකල්පය හඳුන්වා දුන්නේ ඇය විසිනි. මෙම ක්‍රමලේඛන ක්‍රමය ඇඩා (ADA) නමින් ක්‍රමලේඛන භාෂාවක් ලෙස පසු කලෙක දියුණුවට පත්විය. දැනට ද මෙම ක්‍රමලේඛන භාෂාව නවීන පරිගණකවල භාවිත වනු දක්නට හැකිය.
ක්‍රි.ව. 1887 දී එවකට ඇමරිකානු ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සේවය කළ ඇමෙරිකානු විද්‍යාඥයෙකු වූ හර්මන් හෝලරිත් (Herman Hollerith) ජන සංගණන කටයුතු කිරීම සඳහා මහාචාර්ය බැබේජ්ගේ කාඩ්පත් කියවීමේ යන්ත්‍රය යොදා ගන්නා ලදී. මේ නිසා ජන සංගණන ක්‍රියාදාමය ඉතා සාර්ථකව හා කාර්යක්ෂමව සිදුකරගත හැකිවිය. මෙම යන්ත්‍රය යොදා ගැනීමට පෙර වසර 10ක පමණ කාලයක් ගත වූ මෙම කාර්යය, ඉහත යන්ත්‍රයෙන් අවුරුදු තුනකින් නිම කළේය. මෙම කාර්යය නිසා ඇමෙරිකාවේ ඉතාම ජනප්‍රියත්වයට පත් වූ මෙම යන්ත්‍රය පසු කලෙක වැඩි දියුණු විය. 1896 වන විට හෝලරිත් මෙම යන්ත්‍රය වාණිජ මට්ටමින් විකිණීම සඳහා වෙනත් ආයතනයක් සමඟ එක් වී (International Business Machine Corporation) IBM සමාගම පිහිටුවීය. අද ලෝකයේ පරිගණක නිපදවන ප්‍රධාන සමාගමක් වන IBM සමාගමේ මූලාරම්භය මෙයයි.
1937 සිට 1944 දක්වා කාල පිරිච්ඡේදය තුළ සිදුරු කාඩ්පත් පරිගණක ඇමෙරිකාවේ හාර්වඩ් විශ්ව විද්‍යලයේ මහාචර්ය හෝවාඩ් අයිකන් (Howard Aiken) විසින් තම ශිෂ්‍යයින්ගේ සහ IBM සමාගමේ ද සහය ඇතිව තවත් වැඩි දියුණු කෙරුණි. චාර්ස් බැබේජ්ගේ මෙම යන්ත්‍රයට පරිගණක මූලධර්ම උපයෝගී වශයෙන් මුල් වරට මෙහි දී යොදා ගැණිනි. විද්‍යුත් යාන්ත්‍රික ප්‍රවාහක, යාන්ත්‍රික ප්‍රතිරෝධයත්, අංක ගණිතමය ගණනයන් සඳහා ද මෙම යන්ත්‍රය යොදා ගැණින. මෙම යන්ත්‍රය මාක් 1 (Mark 1) නමින් එළි දැක්වීය. විශාල විදුලි රැහැන් පද්ධතියක් සහිත විශාල යන්ත්‍රයක් වූ මෙය ක්‍රියා කරවීමේ දී නොයෙකුත් බාධා පැමිණින.
1937 හා 1938 වර්ෂවල දී පළමු ඉලෙක්ට්‍රොනික පරිගණකය Atanasoff–Berry Computer (ABC) නමින් ඇමෙරිකාවේ බිහිවිය. ඇමෙරිකාවේ අයෝවා විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ මහාචාර්ය, ජෝන් වින්ස්ට් ඇටනසොෆ්ට් (John Vincent Atanasoft) සහ ක්ලිෆඩ් බෙරි (Clifford Berry) යන විද්‍යාඥයින් විසින් මෙම කාර්යය ඉටු කරන ලදී. පළමු වරට රික්තක නාල (Vaccum Tubes) යොදා ගනිමින් ගණිත කාර්යයන්, තර්කාන්විත ක්‍රියාදාමයන් සහ දත්ත ගබඩාකරණය මෙම යන්ත්‍රයෙන් ඉටුකළ හැකි විය. සමගාමී සමීකරණ විසඳීමේ හැකියාව ද මෙම යන්ත්‍රය සතු විය.
1940 වර්ෂයේ දී මෙය ENIAC (Electronic Numerical Integrator And Computer) නමින් වෙළඳ පළට පැමිණි අතර එය පළමු සාමාන්‍ය භාවිතය (General Purpose) සඳහා වූ ඉලෙක්ට්‍රොනික පරිගණකයයි. මෙය රික්තක නාල 18,000 කින් සමන්විත වූ අතර, වර්ග අඩි 5000 ක ප්‍රදේශයක් පුරා පැතිර පැවති, ටොන් 30 ක් බර විශාල යන්ත්‍රයක් විය. තත්පරයක දී ගුණ කිරීම් 500 ක් කිරීමේ හැකියාව මෙම යන්ත්‍රය සතු විය. මෙම යන්ත්‍රය ඇමෙරිකාවේ යුධ හමුදාවේ පරිහරළය සඳහා යොදා ගැණුනි.
පරිගණක ඉතිහාසයේ ඉතාම වැදගත් අවස්ථාව ලෙසින් අප දකින්නේ 1945 වර්ෂයේ දී ද්වීමය අංකන පද්ධතිය (Binray Number System) වොන් නියුමන් (Von Neuman) විසින් ලොවට හඳුන්වා දීමයි. සාමාන්‍ය දශමය අංකනය වෙනුවට දත්ත ගබඩා කිරීමේ දී මෙම ද්විමය අංකන ක්‍රමය යොදාගත හැකි බව නියුමන් පෙන්වා දුන්නේය. ජෝජ් බුලී (George Booli) ගේ බුලියන් වීජ ගණතයේ (Boolian Algebra) අංකන ක්‍රමය පරිගණක කටයුතු සඳහා යොදා ගැණින. මේසා විශාල සංවර්ධිත පියවරක් පරිගණක ඉතිහාසයේ තවත් නොමැති තරම්ය.
1959 වර්ෂයේ දී රික්ත නාල (Vaccum Tube) වෙනුවට ට්‍රාන්සිස්ටර් (Transister) භාවිතය ඇරඹිණ. පරිගණක භාවිතා කිරීමේ දී තිබූ නොයෙකුත් බාධක මේ නිසා මග හැරිණ. පරිගණකය සඳහා විශාල ඉඩකඩක් පාවිච්චි කිරීමට අවශ්‍ය වීමත්, රික්ත නාල පාවිච්චි කිරීමේ දී යන්ත්‍ර තුළ සිදුවන අධික රත්වීම වලක්වා ගැනීමට මෙය කදිම විසඳුමක් විය.
60 දශකයේ ක්‍රමලේඛන භාවිතයේ දියුණුවත් සමගම 1964 වර්ෂයේ දැනට අප භාවිතා කරන නවීන පරිගණකයේ මූලාරම්භය සිදුවිය. තවත් වැදගත් දෙයක් නම් සංගෘහිත පරිපථ (Intergrated Circuits) ලොවට හඳුන්වා දීමය. සිලිකන් මූලද්‍රව්‍යය යොදා නිම කළ කුඩා චිපයක් (Sillicon Chip)මේ සඳහා යොදා ගැණිනි. ට්‍රාන්සිස්ටර සිය දහස් ගණනක් තුළ ගබාඩා කළ හැකි දත්ත මෙම කුඩා සංගෘහිත පරිපථයක් තුළ ගබඩා කිරීමේ හැකියාව ලැබිණි. දැනට පරිගණකය තුළ භාවිත වන ක්ෂුද්‍ර සකසනය (Micro Processor) බිහි වූයේ මෙම චිපයක් හඳුන්වා දීමෙන් පසුවය. ඉන්පසු චිපයේ වැඩි දියුණු අවස්ථාව විශාල සංගෘහිත පරිපථ (Large Intergrated Circuits) L.S.I සහ ඉතා විශාල සංගෘහිත පරිපථ (Very Large Intergrated Circuits) VLIC ආදී වශයෙන් වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී.
1965 වර්ශයේ පළමුවන කුඩා පරිගණකය (Mini Computer) Digital Equipment Corporation සමාගම විසින් ලොවට හඳුන්වා දෙන ලදී. 1977 වර්ශයේ දී පළමුවන ක්ෂුද්‍ර පරිගණකය ^Micro Computer& ලොවට හඳුන්වා දෙන ලදී. ක්‍රමලේඛණ තාක්ෂණය ද මීට සමගාමීව දියුණු වූ අතර, 1978 වර්ෂය වන විට ක්‍රමලේඛන භාෂා ගණනාවක් ලොවට හඳුන්වා දී තිබිණ. පරිගණක නිෂ්පාදන සමාගම් ද ලොව රටවල් කිහිපයක බිහි වී දියුණු විය. පරිගණකය සුපිරි භාණ්ඩයක් බවට පත්විය.
1981 වර්ශයේ දී IBM සමාගම විසින් ප්‍රථම පෞද්ගලික පරිගණකය (Personal Computer) නිෂ්පාදනය කර අලෙවි කළේය. මෙය ද පරිගණක ඉතිහාසයේ වැදගත්ම මෙන්ම පරිගණක වාණිජ ක්ෂේත්‍රයේ ද පැහැදිලි කඩඉමක් විය. පරිගණකය කාගේත් පෞද්ගලික භාණ්ඩයක් වීමට අඩිතාලම මෙයින් ඇතිවිය. අද අප භාවිත කරන නවීනතම පරිගණක (Handheld / Laptop Computer) අපේ අතේ ගෙන යා හැකි. මෙන්ම සාමාන්‍ය පුද්ගලයෙකුට දැරිය හැකි මුදලකට ගතහැකි භාණ්ඩයක් බවට පත්ව ඇත. පරිගණක අධ්‍යාපනය ලොව පුරා පැතිර ඇත. සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුව පරිගණක දියුණුවත් සමග සමගාමීව සිදු වීම නිසා ලොව කුඩා ගම්මානයක් බවට පත්වන තරමට සන්නිවේදනය දියුණුවී ඇත. අප අන්තර්ජාලය හරහා කරන ගණුදෙනු, ලියුම් කියුම් හුවමාරු, රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් මේ සියල්ලම පරිගණකය නිසා සිදු වූ ආශ්චර්යයන්ය. පණිවඩ හුවමාරුව අද ක්ෂණයකින් ලොව එහා කෙලවර සිට මෙහා කෙලවරට සිදුවේ. එය ඉතා පහසු මුදලකට මෙන්ම ආයාසයකින් තොරව සිදුවේ. අද නවීන ලෝකයේ පරිගණක රොබෝවරුන් මිනිසුන්ට කළ හැකි මෙන්ම කළ නොහැකි බොහෝ දේ කරති. පරිගණකය වසර 2020 වන විට මිනිස් මොළය පරදවා නැගී සිටින බව විද්‍යාඥයින්ගේ මතයයි. පස්වැනි පරම්පරාවේ පරිගණක ස්වකීය චින්තනය ඇතිව බිහිවන ඒවාය. විශාල දත්ත සම්භාරයක් ගබඩා කර තැබිය හැකි, දත්ත උපයෝගී කරගෙන සිතා මතා ක්‍රියා කළ හැකි පරිගණක අනාගතයේ බිහි වන බව නොඅනුමානය.
තවද මෙහි හොඳ පැත්තක් වගේම නොඳුරු අනාගතය පිළිබඳව නොදකින අඳුරු දරුණු පැත්තක්ද පවතින බව සිතට ගතයුතුමය. විද්‍යාඥයන් විසින් පරිගණකයක් සඳහා සිතීමේ ඥානය ලබාදීමට ප්‍රථම එමඟින් වියහැකි උවදුරුවලට පිළියම් සොයා වැඩකටයුතු කිරීම නුවණට හුරුය.
එහෙනම් ඊලඟ පෝස්ටුවෙන් හමුවෙනකම් හැමෝටම ජය ශ්‍රී !

Comments
Post a Comment