Social Engineering


හොඳයි ඔන්න හා හා පුරා කියලා මගේ පළවෙනි පෝස්ටුව ලියන්න තමයි යන්නේ. ඉතින් මම හිතුවා මගේ පළවෙනි පෝස්ටුවෙන් ඔයාලාට Social Engineering කියන්නේ මොකද්ද කියලා කියන්න. සමහරුනම් නම කිව්ව ගමන් දන්නවා ඇති. ඒත් අපි බලමු මොකද්ද මේ Social Engineering වලින් කරන්නේ කියලා.


Social Engineering කියන්නේ කතාවෙන් හා හැසිරීමෙන් අපට අවශ්‍ය දෙයක් වෙනකෙනෙක්ගෙන් ලබාගන්න එක හරි අපට අවශ්‍ය කරන දෙයක් වෙනකෙනෙක්ට කියලා කරවා ගන්න එක හරි කියලා සරලව කියන්න පුළුවන්. ඒ කියනනේ බොරුකීම ම විතරක් නෙවෙයි. හැබැයි සමහරක් වෙලාවට බොරුවත් යොදාගන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට පරිගණක හැකින් වලට විතරක් නෙවෙයි අපරාධ පරීක්ෂණ වලදී පවා මෙම ක්‍රමය යොදාගන්න අවස්ථා ඕනි තරම් දැකගන්න පුළුවන්. ඒ වගේම බහුතරයක් මිනිස්සු තමන්ගේ එදිනෙදා ජීවිතයේදී මෙම Social Engineering යොදාගන්න අවස්ථා අනන්තවත් දැකගන්න පුළුවන්.

උදාහරණයක් විදිහට ඔයාලා මොකක් හරි භාන්ඩයක් මිලදී ගැනීම සඳහා කඩයකට ගියාම ඒ කඩේ ඉන්න පාරිභෝගික සේවා නිලධාරීන් අපේ උදව්වට එනවා. ඇත්තටම එක පැත්තකින් අපිට උදව් කරනවා වගේම අපේ අවශ්‍යතාවයට ගැලපෙන භාන්ඩයක් තෝරා ගැනීමට අපිට උදව් වෙනවා. ඒත් ඔයාලා එයාලාත් එක්ක හොඳින් කතා බහ කරද්දී හොඳින් අවධානයෙන් උන්නොත් එයාලා විසින් ඔයාලාට අරකට වඩා මේක හොඳයි. එහෙමත් නැත්නම් අරක වඩා මේක ලස්සන උනත් මේකේ කල්පැවැත්ම අඩුයි. වගේ වචන ඕන තරම් කියනවා දැකගන්න පුළුවන්. අන්න එතනදී බෝහෝ වෙලාවට ඔයාලා එයාලා කියනදේ අහන්න පෙළඹෙනවා වගේම එයාලාත් තමන් කෙරෙහි ඔයාලා තුල විශ්වාසයක් ඇති කරවීමට උත්සාහ ගන්නවා. ඇත්තටම එතනදී බහුතරයක් අය අපිට වැරැද්දක් කරන්නේ නෑ ඒත් ඔයාලාට නොදැනීම ඔයාලාගේ කැමැත්ත අවශ්‍යතාවය වගේම ඔයාගේ මුදල් පසුම්බියේ කීයක් විතර වගේ තියෙනවාද යන්න දක්වා හැමදෙයක්ම දැනගන්නවා. ඒ කියන්නේ අපිට ගොඩාක් සමීප වෙනවා. ඒකෙන් එම කඩේ අය බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මක සේවාවක් තමන්ගේ පාරිභෝගිකයන්ට ලබාදෙන්න.

ඉතින් ඔයාලාට මම ඒ කිව්වේ Social Engineering වල හොඳ පැත්තේ භාවිතයක්. ඔයවගේම තමයි අනික් පැත්ත. ක්‍රමය බොහෝ සෙයින් එක සමානයි හැබැයි අරමුණ හොඳ අරමුණක් නෙවෙයි. උදාහරණයක් විදිහට කෙනෙක් ඔයාට ඒ කෙනා ගැන විශ්වාසයක් ඇති කරවලා ඔයාව රවට්ටන්න හිතාගෙන ඔයාට ගොඩාක් සමීපව වෙනවා. හිතන්නකෝ අද කාළේ බහුතරයක් කෙල්ලෝ ගැන එයාලා කොල්ලෙක්ව දැලේ දාගෙන උගේ තියන සේසතම අඩියට හින්දලා ඌවත් නැති කරලා ඉවර උනාම තමයි ඌව දාලා යන්නේ. (දැන් ඉතින් ඔය අක්කලා නංගිලා පොලු උස්සන් එන්න එපා මට ගහන්න. XD) මම කිව්වේ බහුතරයක් ගැන. හැමෝම ගැන නෙවෙයි. ඉතින් අන්න එතනදි ආදරයේ නාමයෙන් ඔයාලාව රවට්ටලා ඔයාට අවැඩක් තමයි කරන්නේ. මෙතනදිත් පාවිච්චි වෙන්නේ Social Engineering ම තමයි. මොකද එක පාරටම ඔයාලාගෙන් සල්ලී ඉල්ලන්නේ නෑනේ. ටික ටික රවට්ට රවට්ට තමයි ඔයාලාගේ දත ගලවන්නේ. අන්න ඒ විදිහටම ඔයාලාව රවට්ටලා ඔයාලාගේ තව වෙන වෙන තොරතුරු Password වගේ දේවල් උනත් ඔයාට නොදැනීම ඔයාගෙන් දැනගන්න පුළුවන්.

ඉතින් අන්න ඒ උදාහරණයත් එක්ක ඔයාලාට තේරෙන්න ඕනි දේ තමයි Social Engineering කියන්නේ අපගේ එදිනෙදා ජීවිතයේදී අපිට හමුවෙන අරුම පුදුම දෙයක්. අපි ඒක හොඳින් පුරුදු උනොත් අපිට අපි හැමදෙනාගේම යහපත වෙනුවෙන් ඒක යොදාගන්න පුවවන්. ඒ වගේම අපිට වින කරන්න එන අයගෙන් බේරෙන්නත් ලොකු පිටුවහලක්.

ඉතින් මගේ පළවෙනි පෝස්ටුව මෙතනින් අවසන් කරනවා. මොනවාහරි අඩුපාඩුවක් හරි ඔයාලාගේ අදහස් හරි තියේ නම් පහළින් කියාගෙන යන්න.

එහෙනම් ඊලඟ පෝස්ටුවෙන් හමුවෙනකම් හැමෝටම ජය ශ්‍රී !

Comments

  1. Great work keep it up
    ---Anøn LK---

    ReplyDelete
  2. seriously its very useful.thnx for this information

    ReplyDelete
  3. Awesome tute bro. i think we can say Human manipulation for this social engineering. i dont know is it correct if you can please explain it.

    ReplyDelete
    Replies
    1. You can say anything you want because these are only names ;)

      Delete

Post a Comment